ථේරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති බෞද්ධ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ථේරවාදි බුදු දහම ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගතයුතු තවත් වැදගත් පියවර රැසක් ඇති බවයි.

අභිධර්ම පිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම අභිධර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බවත් එහි ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියා.

එමෙන්ම ථේරවාදි බුදු දහම රැකගත් මහා විහාරයේ කැණීම් කටයුතු අවසන් වූ පසු නාලන්දා විශ්වවිද්‍යාලය මෙන් මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

WhatsApp Group

Skip to content