අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත්, කවර බාධක පැමිණියත් අනාගත වැඩ ලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content