මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (07) තළවකැලේ ශාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාව හා ශ්රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්රගතිය සම්බන්ධව පැවැත්වූ සමාලෝචන රැස්වීමේදී මේ කරුණු අනාවරණය විය.
2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කර තිබු අතර මේ නිසා 2022, 2023 වර්ෂවල දී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වී තිබිණි.
මේ නිසා තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩුවීමක් සිදුවිය.

WhatsApp Group

Skip to content