2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසානය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම පාසල් වාරය 2025 වසරේ ජනාවාරි මස 17 වනදා අවසන් වීමටයි නියමිතව තිබුනේ.

මේ අනුව තෙවන වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය ද 2025 වසරේ ජනවාරි මස 24 වනදායින් අවසන් වනු ඇති.

වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව තෙවන පාසල් වාරය කල් දැමීමට තීරණය කල බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.

අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කරමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

එම ලිපියේ සදහන්ව ඇති ආකාරයට අනුව තෙවන වාරය අවසන් වන දිනය වන විට සියලුම සිසුන්ට විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content