ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යලිත් වරක්   පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.89 ක් ලෙසයි  සටහන්ව ඇත්තේ.

එය සියයට 2.36 ක පහළ යෑමක් .

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 1.96 කින් පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 80.51 ක් වී තිබෙනවා.

ඇමරිකාව සිය ඉන්ධන නිෂ්පාදනය ඉහළ දැමීම සහ තවත් හේතු කිහිපයක් මෙලෙස බොරතෙල් මිල පහළ යෑමට බලපා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content