උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී මෙම සිදුවීම සිදුවූ අතර තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස 200කට ආසන්න වෙනවා.

මිය ගිය අය අතුරින් වැඩි පිරිස කාන්තාවන් වන බව උත්තර් ප්‍රදේශ් පොලිසිය සඳහන් කරනවා.

තෙරපීම සිදුවී ඇත්තේ එම ආගමික උත්සවය නිමාවීමෙන් පසු බැතිමතුන් ඉන් පිටව යෑමේදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content