තුර්කි – සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබෙනවා.

තවත් පුද්ගලයින් 60,000 පමණ තුවාල ලබා ඇති බවයි තහවුරු වී ඇත්තේ.

මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

සහන කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව ඇති විශාලතම අභියෝගය මෙම විපත හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් රැක බලා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

එම පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් නිසි පරිදි නොලැබුණහොත් ඇතිවී තිබෙන තත්ත්වය තවත් දරුණු විය හැකි බව එම සංවිධානය සඳහන් කළේ.

මේ වන විටත් රටවල් 60කට අධික ප්‍රමාණයක් සහන සැපයීමට ඉදිරිපත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content