තුර්කිය තුළ සිදු වූ දරුණු භූ කම්පණය හේතුවෙන් සිදු වූ හානිය ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

පසුගිය මස 06 වැනිදා සිදු වූ මෙම භූ කම්පණය හේතුවෙන් පුද්ගලයන් 52,000ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවා ලැබුවා.

මීට පෙර භූ කම්පණය හේතුවෙන් සිදු වූ හානිය ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 34ක් බවටයි ඇස්තමේන්තු කර තිබුණේ.

කෙසේ වෙතත් ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ වියදම් වැඩි වීම, මෙම භූ කම්පණය හේතුවෙන් සිදු වූ ආර්ථික කඩා වැටීම මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට සිදු වූ පාඩුව නිසා මෙලෙස සමස්ථ හානිය ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

WhatsApp Group

Skip to content