තුර්කි ගුවන් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි ගුවන් සේවා සමාගමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන්.

ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන ඡණණ සංවිධානය බවයි එරට බලධාරීන් පවසන්නේ.

ඡණණ ත්‍රස්තවාදී සංවිධානය තුර්කියේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

 

WhatsApp Group

Skip to content