ග්‍රෑන්ඩ්පාස් , කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝට් 60,000ට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක් සමග රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීස සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.

එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content