සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යනතර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන විස්සයි 20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා .

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් රැස් කළා
පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තා

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163යි

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය මංගල T20 තරගයේදී ලකුණු 09ට කඩුලු 03ක් දවා ගත්තා.
මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග සහ චරිත් අසලංක අතරේ කඩුලු දෙක බැඟින් බෙදී ගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content