ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

පොළොන්නරුව තිවංක පිළිම ගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට සංස්කෘතික අරමුදලේ මැදිහත්වීම ඇතිව මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර බිතු සිතුවම් පිළිබඳ අධ්‍යයනය කර ඡායාරූප 1140 කට ආසන්න ප්‍රමාණයක් ගෙන එම සිතුවම් එකම තලයකට ගෙන සංරක්ෂණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

WhatsApp Group

Skip to content