තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ සහ ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ අද තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවටයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අධිකරණය වෙත කළ දැනුම් දීමකට අනුවයි.

WhatsApp Group

Skip to content