තිරිඟු පිටි මිල සහ සීනි මිල ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර සීනි කිලෝවක් රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා.

ලෝක වෙළෙඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට 750 දක්වා ඉහළ යාම හේතුවෙන් මෙලෙස සිනි මිල හළ ගොස් ඇති බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.

සුදු සිනි කිලෝවක මිල මින් පෙර පැවැතියේ රුපියල් 190ක මිලකටයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඊයේ(07) දිනයේදී තිරිඟු පිටි සඳහා පැවැති රුපියල් තුනක බදු සහනය ඉවත් කළ ද එය ඉවත් කිරීම තුළින් කිසිසේත්ම මිල වැඩිමීමක් සිදු නොවන බවයි.

 

 

WhatsApp Group

Skip to content