තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කළ බව ප්‍රීමා සමාගම නිවේදනය කලා.

ඒ අනුව පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගියා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීම හේතුවෙන් යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

 

WhatsApp Group

Skip to content