ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු නාගලගම්වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදි පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැද පහර දීමට උත්සහකර ඇති අතර එයින් බේරීම සදහා මියගිය තරුණය අසල වෙළදසැලක් තුළට දිවගොස් තිබෙනවා.

පසුව පිටුපසින් පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුදවලින් පහර දී පළාගොස් ඇති බවටයි පොලිසිය පැවසුවේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content