දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදිවියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමියි.

WhatsApp Group

Skip to content