නව අධ්‍යක්ෂවරයෙක් යටතේ “විශේෂ තැලසීමියා ජාතික ව්‍යාපාරයක්” කඩිනමින් ආරම්භ කිරීමටත්, ජාතික තැලසීමියා කවුක්සිලය ද යළි සක්‍රීය කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

තැලසීමියා රෝගයට ජාතික වශයෙන් ගෙනයන ව්‍යාපාරයක් නොමැති හෙයින් නව අධ්‍යක්ෂවරයෙක් යටතේ තැලසීමියා පිළිබද විශේෂ ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භකරන බවත් , ජාතික තැලසීමියා කවුක්සිලය ද නැවත සක්‍රීය කරමින් ප්‍රතිකාර ‍හා පාලන කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව කුරුණෑගල සංවිධානය කරතිබූ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.

WhatsApp Group

Skip to content