කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙහිදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ සැක සහිත පාර්සලයක් ගෙන යාම සදහා පුද්ගලයින් දෙදෙනෙකු සුඛෝපභෝගි රථයකින් පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් බිමට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මත්ද්‍රව්‍ය පාර්සල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් පැමිණිලි කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු කේ.එම්.චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content