තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43කට ආසන්න බව සදහන්.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැකපිට පාර්සල් 25 ක කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබුනා.

කෙසේවෙතත් ඒවා ව්‍යාජ ලිපිනයන් බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

WhatsApp Group

Skip to content