තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින්  අද දිනයේදී  ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු  වැඩ වර්ජනය කල් දමා තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද උදැසන සිට පැය හතළිස් අටක වැඩ වර්ජනයක් සිදු කිරීමටයි  තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබුනේ.

නමුත් එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බවයි  එම පෙරමුණ සඳහන් කළේ.

රුපියල් විසි දහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ.

WhatsApp Group

Skip to content