තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමේ සුදානමක් පවතින බවයි.

ඊට විරෝධය පළකරමිනුයි තැපැල් සේවකයින් පැය 48ක සංකේත වැඩවර්ජනය නිරත වුණේ.

කෙසේවෙතත් මෙම ගැටළුවට විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ.

මේ ඒ පිළිබද අදහස් දැක්වු එහි සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/11/CHINTHAKA-BANDARA-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content