එළබෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වන තෙක් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වනපරිදි අවලංගු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

එහිදී අසනීප තත්ත්වයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා පමණක් පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය යටතේ නිවාඩු ලබා ගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

WhatsApp Group

Skip to content