සේවක හිඟය, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ කටයුතු කර තිබෙනවා.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද මධ්‍යම රාත්‍රී 12 වනතෙක් සිදු කරන බවයි එම පෙරමුණේ කැඳවුම්කරු, චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.
මේ අතර නැවත දැනුම් දෙන තුරු සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන බව තැපල්පතිවරයා පවසනවා.

WhatsApp Group

Skip to content