තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා.

ඒ සදහා භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

2022 වන තෙක් රුපියල් 15 ක්ව පැවති මුද්දරයක මිල මේ වන විට රුපියල් 50 ක් වන අතර පාඩු ලැබීම හේතුවෙන් එම තත්ත්වය දිගින් දිගටම සිදු කිරීමට නොහැකි බවටයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content