ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දින සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙම දින වල සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content