මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඊට ඇතුළත් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ..

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් මස 04වන දින නියම කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ සෙසු රාජ්‍ය සේවකයන් සඳහා සැප්තැම්බර් මස 05 සහ 06 යන දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

එම දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් හට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content