ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව පැවසුවේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 7,12, 319 ක් සුදුසුකම් ලබා තිබුණා.

WhatsApp Group

Skip to content