2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ කාර්යාල සඳහා මෙම මස 30 වන දා සහ නොවැම්බර් මස 04 වනදා යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් පළමුවැනිදා සහ 04 වැනිදා යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස නොවැම්බර් 07 සහ 08 යන දෙදින නම් කර තිබෙනවා.

තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම මෙම මස 16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම මෙම මස 23 දින සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම මෙම මස 26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස මෙම මස 27 සහ 31 සහ නොවැම්බර් 03 වන දින නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content