තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නියමකර ගත් පරිදි ලබන 22, 23, 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් කල්ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බවද නිමල් පුංචිහේවා මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මැතිවරණ කොමිසමේ කිසිවෙකුත් තැපැල් ඡන්දය කල් දමන බවට ප්‍රකාශ කොට නොමැති බව ද ඔහු අවධාරණය කළා.

WhatsApp Group

Skip to content