2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබෙනවා.

ජාතික ජන බලවේගය , සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතාවන්ට එක්වනු ඇති.

තැපැල් ඡන්දය කල් දැමීමත් සමග දේශපාලන වේදිකාවේ මැතිවරණ උණුසුම තවත් වැඩිව තිබෙනවා.

මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැක්වු අදහස් කිහිපයක්.

https://www.vnews.lk/storage/2023/02/MIX.mp3?_=1

ස්වාධීන කොමිෂන් සභා අකර්මන්ය කරීමට රජය කටයුතු කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පාර්ශව විසින්ම එය නැති කර දමන බවයි.

https://www.vnews.lk/storage/2023/02/NALIN-BANDARA-01.mp3?_=2

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව කොළඹ වට කිරීමට සුදානම් බවයි නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/NALIN-BANDARA-02.mp3?_=3

මේ අතර මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ නැගීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/LASHMAN-KIRIALLA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content