තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2 ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන සදුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර සදහා මෙය වලංගු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට සකස් කරමින් පවතින බව සදහන්.

මීට පෙර පැවති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍ර තොගය අවසන් කිරීම සදහා මෙම පියවර ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.

WhatsApp Group

Skip to content