මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා පවසනවා.

තායි රාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

තායි රාජා සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැද සිටින අතර ඇතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව මෙහිදී අනාවරණ වුණා.

මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියා.

තායි රාජා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවයි ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේ.

තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මෙම ඇතුන් දෙදෙනා නැවත තායිලන්ත රජයට ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/PRADEEP-NILANGA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content