පසුගිය කොවිඩ් සමයේ නතර කළ තායි ඒයාර්වේස් ගුවන් සේවාව වසර 7 කට පසු යළි ආරම්භ කිරිම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

මේ අනුව එහි පළමු ගුවන් යානය ලබන අප්‍රේල් මස 01 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බලා පැමිණීමට නියමිතයි.

එමෙන්ම මෙම ගුවන් මෙහෙයුම් වැඩපිළිවෙල යටතේ සෑම දිනකම තායි ගුවන් යානයක් බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ එදිනම කටුනායක සිට බැංකොක් නුවර බලා පියාසර කරනු ඇති.

තායි රජය සහ තායි ගුවන් සේවය සමග සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගුවන් සේවය නැවත ආරම්භ කෙරෙන බවයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content