අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා, බීජිං හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා.

නමුත් චීනය කිසිවිටෙක තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින බව ද ඔහු එහි දී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, චීනයට එරෙහිව තායිවානයෙන් එල්ල වන බාහිර බලවේග අමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සහ තායිවානයේ බෙදුම්වාදීන්ගේ ඉතා සුළු සංඛ්‍යාවක් මිස තායිවානයේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් නොවන බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.

තායිවානය සතුව කොපමණ භට පිරිසක් සිටියත්, කොපමණ ආයුධ ලබා ගත්තත්, බාහිර බලවේග මැදිහත් වුවත් නැතත්, එය (තායිවානය) අවදානමකට මුහුණදීමට ශක්තිමත් වුවහොත්, එය තමන්ගේම විනාශයට තුඩු දෙනු ඇති බව ද චීනයේ තායිවාන කටයුතු කාර්යාලය පවසනවා.

මේ අතර ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයේ ක්‍රියාමාර්ග මොහොතකටවත් නතර නොවනු ඇති බවටයි චීනයේ තායිවාන කටයුතු කාර්යාලය පේනවා දෙන්නේ.

WhatsApp Group

Skip to content