බේරුවල – මරක්කලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය අපරීක්ෂාකාරි අන්දමින් දුම්රිය මාර්ගය හරහා ධාවනය කළ අවස්ථාවේ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

ත්‍රිරෝද රථයේ ගමන් කළ පියා සහ කුඩා දැරියන් දෙදෙනා මෙන්ම ත්‍රිරෝද රථයේ රියදුරු ද තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content