කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් 35 හා 48 වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 23 වනදා මෙම ඝාතනය සිදුව තිබු අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

WhatsApp Group

Skip to content