ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදකෙරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

එහි සභාපති දීප්ති කුලරත්න මහතා කියා සිටියේ බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන බව ද සභාපතිවරයා සදහන් කළා.

මේ වසරේ මේ දක්වා ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් බෙදා හැරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම කටයුතු කර තිබෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය බඩ ඉරිගු ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මාසයක් සදහා අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිගු මෙටි්‍රක් ටොන් 15ක් පමණ අවශ්‍ය වන අතර එය දේශීයව සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content