මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා  වෙත භාර දී තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා  සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු කරන බවයි.

එමෙන්ම මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content