ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 1067 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 984 දෙනෙකු හා අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 83 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඔවුන් ළඟ තිබී හොරොයින් ග්‍රෑම් 294 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 270 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊට අමතරව ගංජා පැල 672 ක් හා මත්පෙති 1615 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තුකරුවන් දස දෙනෙකු මෙන්ම මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 72 දෙනෙකු සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

WhatsApp Group

Skip to content