සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරුණා.

පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවේ එය දෙවන වන කියවීමේ විවාදයෙන් අනතුරුව පැවති කාරකසභා අවස්ථාවේදීයි.

අදාල පනත් කෙටුම්පත බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම වසරේ මැයි මස 13 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

WhatsApp Group

Skip to content