යාපනය, තොල්පුරම් නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී කාන්තා මළ සිරුරක් තිබි ඊයේ (17) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ සෙල්වනිදි කදිර්වේල් නමැති 49 හැවිරිදි කාන්තාවගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

ඇයගේ සිරුරේ පහරදීම් තුවාල දැක ගැනීමට හැකි බවත්, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සැකකරු මත්පැන් පානය කොට ඇති අතර, එහිදි ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවට පහරදී ඇති බව මුලිකව නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතරල සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි

පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Group

Skip to content