ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීමට නියමිතව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ගෙවුණු මාස 18ක කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට හැකි වු බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content