තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා.

මෙම උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බවයි තලවිල ශාන්ත ආනා දේවාස්ථානය භාර මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමන් කියා සිටියේ.

මේ අතර, තලවිල ශාන්ත ආනා දේවාස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් විශේෂ දුම්රිය 7 ක් යොදවා තිබෙනවා.

ඒ අනුව, අද සිට අනිද්දා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොළගේ මහතා ප්‍රකාශ කලේ.

WhatsApp Group

Skip to content