තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක උඩු මහලේ  දින පස්වරුවේ ගින්නක් හටගත් බව තලවකැලේ පොලිසිය පැවසිය

එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලේ උඩු මහලේ පැස්සුම් කටයුත්තක් සිදු කරන අවස්තාවේ ඉන් විසි වු ගිනි පොකුරකින් ගින්න හට ගන්නට ඇති බව සැකකරන බවයි පොලිසිය කියා සිටියේ

හටගත් ගින්න තලවකැලේ නගරයේ පිහිටි සෙසු වෙලදසැල් වල සේවකයින් සහ තලවකැලේ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව පාලනය කර ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතරල ගින්න පිලිබදව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වයි

WhatsApp Group

Skip to content