දකුණු කොරියාවේ දී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ජයේෂි උත්තරා ඊයේ සමත් වුනා.

ඉසව්ව තත්පර 53යි දශම 70ක කාලයකින් අවසන් කිරීමට තරුෂි සමත් වූ අතර ජයේෂි තරගය අවසන් කළේ තත්පර 55යි දශම51ක කාලයකිනුයි.

ඒ අනුව එම ඉසව්වෙන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 1994 වසරෙන් පසු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ කාන්තා ඉසව්වක පදක්කම් දෙකක් එක වර දිනා ගත් පළමු අවස්ථාව ලෙස ද මෙය සටහන් වුනා.

WhatsApp Group

Skip to content