සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති තරග පරාජය වීමට හේතු කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායම් නායක වනිදු හසරංග පවසනවා.

පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහර දීම යන අංශ තුනෙහිම සිදු වූ අතපසුවීම් තරඟ පරාජයට හේතුව බවයි ඔහු සදහන් කළේ.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් වනිඳු හසරංග මේ බව සදහන් කළා.

ඪදසජැ ක්‍මඑ – වනිදු හසරංග

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 කින් ජයගනු ලැබුවා.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී සිටියදි තරගය ජයග්‍රහණය කළා.

තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගනු ලැබුවා.

එමෙන්ම දෙරට අතර 3 වන සහ අවසන් 20 යි 20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content