පසුගිය සමයේ සිදු වූ තරග පරාජයන් වලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වගකිව යුතු නොමැති බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මෙම ගැටලුව පිලිබදව ජනතාවගේ මතය තමා හට දැනගැනීමට අවශ්‍ය බවද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/11/ROSHNA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කලේ මෙරට ජනප්‍රියම ක්‍රීඩා තුනම ජාත්‍යන්තර තහනමට ලක් කිරීමට අවස්තාව සැලසු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා වාර්තාවක් තබා ඇති බවයි .
ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මෙම අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/11/SHAMMI-SILVA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content