එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයගන්නට ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය සමත් වුණා.
පළමු තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතරයි.

දර්මසාලාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 49 යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 388ක් රැස් කළා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 109ක් සහ ඩේවිඩ් වොර්නර් ලකුණු 81 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ටේන්ට් බෝල්ට් සහ ගේලෙන් පිලිෆ්ස් කඩුළු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 383ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරයේදී නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 19ක් ලබා ගතයුතුව තිබුණා. අවසන් පන්දුව තෙක් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ අවසන්

පන්දුවට ලකුණු 6ක් ලබා ගත යුතුව තිබුණ ද මිචෙල් ස්ටක් යොමුකළ පන්දුවට නවසීලන්තයට ලබා ගතහැකි වුණේ එක් ලකුණුක් පමණයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 87කින් පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලබන්නට නෙදර්ලන්තය සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 229ක් රැස් කළා.

ලකුණු 230ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 42යි පන්දු 2ක් තුල සියල්ලන් දැවී බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 142ක් පමණයි.

බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු මෙහෙදි හසන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35ක්.

WhatsApp Group

Skip to content