තම රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ලැබීම විශාල භාග්‍යයක් බව ක්‍රිකට් ක්‍රිඩක නිෂාන් මධුෂ්ක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ, සංචාරක කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී සිය පලමු එක් දින තරගය ක්‍රිඩා කල නිශාන් මධුෂ්ක පන්දු 54 කදී ලකුණු 69ක් ලබා ගත්තා.

ඒ 4 පහර 7 ක් සහ 6 පහර 1 ක් සමඟින්.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් නිෂාන් මධුෂ්ක කියා සිටියේ මෙම තරගය ක්‍රීඩා කිරීමට තමා තුළ පෙර සැලසුමක් නොතිබු බවයි.

WhatsApp Group

Skip to content